Sunday, October 15, 2017

ඩෝනට් සාදමු...

සාදන ක්‍රමය.

ඉතා අඩු උණුසුමකින් යුතු වතුර ටිකකින් ඊස්ට් දිය කර එයට සීනි ස්වල්පයක් එක්කර පිපෙන්නට ඉඩ හරින්න. ඉන්පසු බටර් හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කර ගන්න. දැන් මෙම පිටි මිශ්‍රණය භාජනයකට දමා ඉතා පිරිසිදු තෙත රෙදි කැබැල්ලකින් වසා විනාඩි 15 ක පමණ කාලයක් තබන්න. ඉන්පසු මෝලියෙන් කුඩා කැබලි වලට වෙන් කොට මැද  සිදුරක් සාදා ගැබුරු තෙලේ බැදගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය.

පිටි 500g 
සීනි 75g 
බටර් 75g 
ලුණු තේ හැදී 1
ඊස්ට් 10g 
බිත්තර 1
පිටිකිරි තේ හැදී 2
වතුර ස්වල්පයක් සහ එළවලු තෙල්  

No comments:

Post a Comment