මල්
කලඹක් හා මල් සැරසිලි යනු මනාලියකගේ ලස්සන මෙන්ම මනාලියක් සම්පූර්ණ කරන
දෙයකි.එසෙම මල් කලඹ ඕනවට වඩා විශාල වීමද සුදුසු නැත.මන්ද මනාලියගේ අතේ
ගොඩක් වේලා තබා ගැනීමට සිදුවන නිසාය.
සැහැල්ලු වෙන්න
ඔබ
මල් කලඹක් හා මල් සැරසිලි තෝරා ගැනීමෙදි එය නිවැරදි හෝ වැරදි විය
හැක.එනම් මල් කලඹක් හා මල් සැරසිලි තෝරා ගැනීම සදහාට වෙනස්ම ශෛලයක්
ඇත.එයට හේතුව නම් මංගල දිනයේ මනාලියගේ ලස්සන වැඩි කරන්නේ එමගිනි.ඒ වගෙම එම
මල් කලඹ තමන්ගේ ආර්ථිකයට මෙන්ම යොදා ගන්නා සැරසිලි වලට ගැලපිය යුතුය.
විපරම් කරන්න
ඇත්තෙන්ම කොතනින ඔබ පටන් ගත යුතු වන්නේ?හැමෝම
සිතන්නේ මංගල උත්සවය සැලසුම් කිරීමය නමුත් පිළිතුර නම් විපරම් කිරීමය
නැතහොත් සොයා බැලීමය.ඔබට මල් පිළිබද තොරතුරු දැනගැනීමට නම් නොයෙකුත් සගරා
වර්ග ,අන්තර්ජාලය පාවිච්චි කර හැකිය.එසේම කලින් මනාලියන්ගේ මල් කලඹවල් ,ඡායාරූප
ද සොයා බලා අදහසක් ගත හැකිය.නමුත් වඩාත්ම වැදගත් වන්නේ මල් වගා කරන්නෙක්
හමුවී එම මල් වර්ග හදුනා ගෙන ඔවුන්ගෙන් වර්ණ වලට ගැලපෙන මල් පිළිබද දැන
ගැනීමය.උද්භිත උද්‍යාන වලද නොයෙකුත් වර්ගයේ ඔබගේ ජීවිතයට ගැලපෙන් මල් වර්
ගැන තොරතුරු ගත හැක.එවිට වෙනස්ම වර්ගයේ ලස්සන මල්කලඹක් හා මල් සැරසිලි ඔබට සකසා ගත හැක.
වාසිය ඉවත දමන්න
ඔබගේ අයවැය ගැන සලකා බලන්න.ඔබට මල් කලඹක් සදහා හා මල් සැරසිලි සදහා මුදල් කොපමණ යොදවනවාද කියා අදහසක් තිබෙනවාද?ගොඩාක් මංගල උත්සව වලදි අයවැයෙන් 10%ක් පමණ වෙන් කරයි.මෙම ප්‍රමාණය ඔබගේ අයවැය සමග වෙනස් විය හැක.ඔබට මුදල් අඩුවෙන් මංගල උත්සවය සැලසුම් කරනවානම් 10%ට
අඩුවෙන් සැලසුම් කරන්න.ඔබට මල් වලින් සරසා මංගල දිනය පාරාදීසයක් කිරීමට
අවශ්‍ය නමිහත ප්‍රමාණය වෙනස් කර තව වැඩි කර ගත යුතුය.එසේ ඕනවට වඩා වියදම්
කරනවානම් අන්තිමටම වෙන පාඩුව ගැනද සිතන්න.
මල් වල ගැලපීම
මල්
වර්ග මුලින්ම මනාලියගේ ඇදුමේ වර්ණයට ගැලපිය යුතුය.විශේෂයෙන් මල්කලඹද එසේ ම
බෙහෙවින් මනාලියගේ ඇදුමට ගැලපිය යුතුය.එකම වර්ගයේ මෙන්ම නොගැලපෙන වර්ණද
භාවිතා නොකරන්න.ලිලී මල්,කානේශන් මල්,ඕකිඩ්මල්, රෝස මල් ද ගොඩාක් ගැලපේ.
ඉතා අලංකාර මල් වර්ග කිහිපයක්
ඇන්තූරියම්,කානේශන්,ඩෙසි,ඕකිඩ්,ලිලී,ටියුලිප්,කැමේලියා,රෝස සහ සූරියකාන්ත
කුමන ජාතියේ මල් ඔබගේ මංගල උත්සවයේදී සංවිධානය කරනවාද?
මුලින්ම ඔබේ මංගල උත්සවය තෝරා ගන්නා ස්ථානය
එම
තෝරා ගන්නා ස්ථානය කුමක් වුවත් මල් වලින් ගොඩාක් ආකර්ශනීය ස්ථානයක් බවට
පත් කර ගත හැකිය.එය ඔබට ලස්සන තැනක් ලෙස පෙනේ නම් අන් අයටද එසේම පෙනේ වි.
සමහර මල් ඔබගේ මංගල දිනයේ ස්ථානය තෝරා දේ
ශාලාවක් ඇතුලත ඇති මංගල උත්සවක් සදහා මල් සැරසිලි කරනවානම් ඉද ගැනීමට ඇති බංකු,පුටු පමණක් නොව මංගල බංකුවද අලංකාර කල හැකිය.(එය ඔබගේ ආගමික මතය අනුව වෙනස් කර ගත හැකිය.)එසේම මේස,ජනෙල් වලටද මල් සැරසිලි කල හැකිය.
එලිමහනේ
ඇති මංගල උත්සවයක් නම් ගොඩාක් විවෘතව ඇති ස්ථානයකි.එලිමහනේ මංගල උත්සවයක්
කරන විට මල් වාස් හෝ බාස්කට් මේසය මත තැබිය හැක.එසේම ස්වභාවික පරිසරයේ
ලස්සනද යොදා ගත හැකිය.එසේම මල් පෙති පලසක්ද සකසා ගත හැක.එලිමහනේ ඇති විට
වියදම මදක් අඩු කරගත හැක.
දෙවනුව මල් කොපමණ වේලා තබා ගත හැකිදැයි බලන්න
මෙය
ගොඩාක් වැදගත් වේ.එනම් මල් කලඹ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය.මන්ද ඔබගේ
මල් කලඹ සදහා ස්වභාවික මල් භාවිතා කරනවානම් ඒවා පරවී යා හැකිය.කෘතිම මල්
යොදා ගන්නවානම් ගැටලුවක් ඇති වන්නේ නැත.
ඊලගට
ඔබ දෙවන මනමාලියන්ගේ මල් කලඹවල් ගැන බැලිය යුතුය.මන්ද ඒවා බොහෝ දුරට කෘතිම
එවා නිසා පරවී යන ප්‍රශ්ණයක් නැත.නමුත් බැලිය යුත්තේ එම කෘතිම මල්
මනාලියගේ ස්වාභාවික මල් කලඹල ගැලපේද යන වගය.එසේම සැරසිලි සදහා යොදා ගන්නා
මල් වලටද ගැලපේද බැලිය යුතුය.
එසේම මනාලයා,දෙවන
මනාලයන් හා මල් කුමාරයන් සදහාද එම වර්ණ ගැලපේද බැලිය යුතුය.මන්ද සමූහ
ඡායාරූප ගැනීමේදි මනාලියන්ගේ මල් කලඹ වල වර්ණ වලට මනාලයන්ගේ වර්ණද ගැලපිය
යුතුය.ඔබල මුදල් ඇතිනම් පැමිණෙන අමුත්තන් සදහාද මල් වලින් සැකසූ පළදනාවක්
වැනි යමක් දිය හැකිය.එය ගොඩක් ලස්සන අදහසක් වේ.
අන්තිමට
ඔබ බැලිය යුත්තෙ මල් කුමාරියන්ව වේ.මල් කුමාරියන්ගේ මල් කලඹවල් නොව මල්
බාස්කට් එකක් ලබා දීම සුදුසු වේ.එයට හේතු ගොඩක් ඇත.එනම් මල් කුමාරියන් ලෙස
ගන්නේ කුඩා ගැහැණු ළමයි වේ.ඔවුන් දගකාර මෙන්ම වැදිය දැනුම් තෙරුම් ඇති අය
නොවේ.එනම් එම පුංචි ළමුන්ට මල් සැකසීමේදි එම ළමයාට පහසුවෙන් තබාගත හැකි වන
ලෙස සැහැල්ලුවට ලස්සනට සැකසිය යුතුය.එසේම ඒ මල් බාස්කට් එක මංගල දිනයෙන්
පසු ඇයට තියා ගැනීමට දිය හැකි නම් එය ඇයට ගොඩක් වටින මතක හිටින තෑග්ගක් වේ.
Source: http://beauty.lk/wedding/3-how-to-choosing-your-wedding-flowers-1
Source: http://beauty.lk/wedding/3-how-to-choosing-your-wedding-flowers-1
Source: http://beauty.lk/wedding/3-how-to-choosing-your-wedding-flowers-1


No comments:
Post a Comment