Saturday, November 18, 2017

මස්කට් සාදමු...

අවශ්‍ය දේවල්.

තිරිගු පිටි 250g 
එළගිතෙල් 250ml 
සීනි 1kg 
වතුර ලීටර් 1
බිත්තර සුදුමද 01
දෙහි උෂ තේ හැදී 1
රෝස් එසන්ස් තේ හැදී 1 1/2

සාදන ක්‍රමය.

පිටි වලට වතුර දමා රොටි සාදන පදමට අනා ගන්න. වතුර ටික ටික දමා වතුර පෙර හරිමින් නැවත දිය කරන්න. මෙය නිවැරදිව සිදුකල විට පිටි ඉවත්වී කොහොල්ල ගුලියක් මෙන් කොටසක් ඉතිරිවේ. එය ඉවත් කරන්න. සෝදමින් ගත වතුර ටික පැයක් පමණ තබන්න. එහි පිටි යටට බැස තිබේවි. උද ඇති වතුර ඉවත් කරන්න. 
දම් තාච්චියක් ගෙන බිත්තර සුදු මදය සහ දෙහි යුෂ දමා තාච්චියේ හොදින් තවරන්න. සීනි දස් එකතුකර එය උතුරන්නට හරින්න. ගින්දර අඩු කරන්න. උඩට එන පෙන ඉවත් කරන්න. සීනි ටික පෙරා  ගෙන එයට සෝදා ගත පිටි එකතු කරන්න. හොදින් උකු වන තුරු හැදී ගාමින් පිස ගන්න. බොලයල් ලෙස එකට එකතු වූ පසු, එලගි තෙල් ටිකටික දමමින් හොදින් කවලම් කරමින් පිස ගන්න. පිටි මිශ්‍රණයට තෙල් උරාගත් පසු,තෙල් තාච්චියේ ඉතිරි වේවි. එවිට තෙල් දැමීම නවතන්න. දැන් රෝස් එසන්ස් එකතු කරන්න. දැන් ලිපෙන් ඉවතට ගෙන තැටියක දමා තබන්න.නිවුනාට පසු කාලි කපා ගන්න. 

No comments:

Post a Comment