අපි හැමෝම කැමතියි නේද ලස්සන සුදු දත් දෙපලක් තියාගන්න. ඒ සදහා අපි සෑම දාම දත් මදිනවා, ඒවගේම ඩෙන්ටල් වලට ගිහිල්ල දත් සුද්ද කර ගන්නවා..ඒත් ඔබ කවදාවත් දැන සිටියේ නැහැ නේද,ස්වභාවික දෙයක් මගින් ඔබගේ නිවසේදීම දත් සුදු කරගන්න ක්‍රමයක් තියෙනවා කියා...මම අද ඔබට එය කියලා දෙන්නම්..
කෙසෙල් ලෙලි තමයි මේ සදහා අපට අවශ්‍ය වන්නේ..කෙසෙල් ලෙල්ලේ ඇතුලත පැත්ත අපේ දත්වල හොදින් ඉලීම තුලින් අපට අපේ දත් සුදු කරගන්න පුළුවන්..කෙසෙල් ලෙල්ලේ අඩංගු වෙලා තිබෙනවා, Potassium Magnesium සහ Manganese කියන පෝෂණ සංගටක. කෙසෙල් ලෙලි වල ඇතුල් පැත්ත දත්වල උලන විට මෙම සංගටක දත්වලට උරාගැනීම සිදුවනවා..එම නිසා තමයි දත් සුදු පැහැ වන්නේ...මෙම ක්‍රමයට දත් සුදු කර ගන්නා විට අපට ලැබෙන තවත් වාසියක් තමයි, කිසිදු විටක දත් සීරීමට ලක් නොවීම..
මුලින්ම හොදට ඉදුණු කෙසෙල් ගෙඩියක් ගන්න.ඉන්පසු කෙසෙල් ගෙඩියේ යට සිට කෙසෙල් ලෙලි කැබැල්ලක් ගලවා ගන්න. දැන් මෙම කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත හොදින් ඔබ දත්වල උලන්න. ටික වෙලාවක් මෙසේ කරන විට ඔබට තේරේවි ඔබේ දත්වල යම්කිසි දෙයක් බැදිලා වගේ තිබෙන බව. එවිට කෙසෙල් ලෙල්ල ඉලීම නවතා විනාඩි 15 පමණ සිටින්න. මෙම කාලය තුලදී දිව සහ තොල් ඔබේ දත් වල නොගැටෙන සේ තබා ගත යුතුවේ.
ඉන්පසු දත් බුරුසුව ගෙන වතුර හෝ දත්බෙහෙත් හොදින් ඔබේ දත් මැදිය යුතු අතර ඉන් පසු දත්බෙහෙත් යොදා හොදින් ඔබගේ දත් දෙපල මැද ගන්න. මෙම ආකාරයට දින 14 පමණ සිදුකිරීම තුලින් ඔබට ඉතා දීප්තිමත් සුදුවන් දත් දෙපලක් ලැබේවි.



No comments:
Post a Comment