ඉතින් අද මම ඔබට ඉදිරිපත් කරන්නේ,ස්වාභාවික Blusher Make Up එකක් ගෙදරදීම සාදා ගන්න ආකාරය.ඉතින් අපි කව්රුත් ලස්සනට ඉන්න කැමතියි නේ....ඒ නිසා ගොඩාක් දෙනා make up භාවිතා කරනවා. ඒ වාගේම ඔබ කෘතීම make up වලට දහස් ගණන් මුදල් වියදම් කරනවා. නමුත් අදින් පස්සේ නම් ඔබට දහස් ගණන් මුදල් වියදම් කරලා make up සෙට් ගන්න ඕන නැහැ. මේ ස්වභාවික Blusher Make Up එක හදා ගන්න යන්නේ ඉතා සුළු මුදලක්. අනික කෘතීම ඒවා වගේ ඔබගේ මුහුණට හානි කර නැහැ. මේ ස්වභාවික Blusher Make Up එක හදා ගන්න අවශ්‍ය වන්නේ පහත සදහන් අයිතමයන් තුන තමයි.
(1) අරළු පිටි ( Arrowroot Powder )
(2) කොකෝවා පිටි ( Cocoa Powder )
(3) සපත්තු මල් කුඩු ( Hibiscus Powder )
(2) කොකෝවා පිටි ( Cocoa Powder )
(3) සපත්තු මල් කුඩු ( Hibiscus Powder )
අරළු පිටි ( Arrowroot Powder )
කොකෝවා පිටි ( Cocoa Powder )
සපත්තු මල් කුඩු ( Hibiscus Powder )
දැන් අපි බලමු කොහොමද මේක සාදාගන්නේ කියලා....ඉහත සදහන් ද්‍රව්‍ය තුනම තේ හැදී භාගේ බැගින් ගන්න. ඉන්පසු එය හොදින් මිශ්‍ර කර ගන්න. ඉතින් ඒ ආකාරයට ද්‍රව්‍ය තුනම එකට එකතු කරලා තමයි ස්වභාවික Blusher Make Up එක සාදා ගන්නේ.. හරිම පහසුයි නේද? ඒ වාගේම තවත් විශේෂ දෙයක් කියන්න තියෙනවා...මෙය සාදා ගැනීමේදී ඔබගේ සමේ වර්ණයට ගැලපෙන පරිදි සාදා ගන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි..මෙම ද්‍රව්‍ය තුනම සමාන වශයෙන් ගන්නම ඕන නැහැ. මෙම ද්‍රව්‍ය තුන අඩු වැඩි වශයෙන් මිශ්‍ර කර ඔබේ සමට ගැලපෙන වර්ණය ලබා ගන්න පුළුවන්. ඒ වාගේම මෙය එක වරක් භාවිතා කල පසු නැවත භාවිතය සදහා හොද ප්ලාස්ටික් අසුරණයක දමා තබන්න ඕන.
ඔබට, සපත්තු මල් කුඩු ( Hibiscus Powder ) වෙළද පොලෙන් මිලදී ගන්න පුළුවන්.





No comments:
Post a Comment