Sunday, October 8, 2017

මාළු ඉස්ටු සාදමු...

සාදන ක්‍රමය.

මාළු සෝදා හතරැස් කැබලි වලට කපාගන්න. බටර් භාජනයකට දමා රත් වන විට,රම්පෙ,කරපිංචා, අමු මිරිස් පෙති, ළුණු සහ පිටි ටික දමා දුබුරු පැහැ වනතෙක් බැදගන්න. ඉන් පසු ඉතිරි ද්‍රව්‍ය සහ මාළු කැබලි එක්කර පැය 1/2 පමණ වේලා මද ගින්නේ පිසින්න.


අවශ්‍ය ද්‍රව්‍ය.

තෝර මාළු හෝ පරා මාළු 500g 
බටර් 50g 
රට ළුණු  100g 
පිටි මේස හැදී 2
ගම්මිරිස් කුඩු තේ හැදී 2
අමු මිරිස් කරල් 3
කරාබු නැටී 3
රම්පෙ, කරපිංචා අවශ්‍ය පමණ.

1 comment: