Tuesday, July 14, 2015

හකුරු කේක් සාදමු........

ඉතින් අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඕනෑම උත්සව අවස්ථාවකට ගැලපෙන,ඒ වාගේම තේ සමග කදිමට රසවිදිය හැකි හකුරු කේක් එකක් සාදාගන්නේ කොහොමද කියලා.....





අවශ්‍ය උපකරණ.

Spatula එකක්.
හෑන්ඩ් බීටරයක්
හැදි වළල්ලක්.
8 x 8 ප්‍රමාණයේ තැටියක්.

 අවශ්‍ය දේවල් 

රුලං 200g, බටර්  100g, කිතුල් හකුරු 100g, කජු 100g, බිත්තර 3ක්, කිරි කෝප්ප 1/2 ක් , සීනි 200g , සුවද කුඩු තේ හැදී 1 ක් ,රෝස් එසන්ස් තේ හැදී 1 ක්, වැනිලා තේ හැදී 1 ක්.

සාදන ක්‍රමය.

පළමුවෙන්ම හකුරු සිහින්ව ගාගන්න. කජු කුඩාවට කපා ගන්න. රුලං ,විනාඩි 10 ක් පමණ කබලේ දම බැද ගන්න. බටර් වලට රුලං මිශ්‍ර කරන්න. බිත්තර කහ මදය සහ සුදු මදය වෙන් කර ගන්න. සුදු මද හොදින් ගසා තබා ගන්න. ඉන් පසු කහ මද සහ සිනි බදුනකට දමා ගසා ගන්න. කපාගත් කජු වලට සුවද කුඩු සහ එසන්ස් දමා කලවම් කරගන්න. දැන් බිත්තර කහ මද මිශ්‍රණයට කජු සුවද කුඩු මිශ්‍රණය දමා හොදින් ගසා ගන්න. අවසාන වශයෙන් රුලං ,හකුරු, කිරි,වැනිලා දමා, බිත්තර සුදු මද ද  දමා හොදින් කලවම් කරන්න. ඉන්පසු 8 x  8 තැටිය ගෙන එයට පත්තර පිටුවක් සහ තෙල් කඩදාසියක් දමා මිශ්‍රණය තැටියට දමන්න. සෙන්ටිග්‍රේඩ්  අංශක 125 උෂ්ණත්වයේ විනාඩි 45 පමණ බේක් කර ගන්න. 

No comments:

Post a Comment