Tuesday, October 17, 2017

පැහැපත් සමකට කෝමාරිකා සත්කාර...

අපි හැමෝම දන්නවානේ කෝමාරිකා කියන්නේ ලස්සන වන්නට සොබා දහමෙන් අපට ලැබිලා තියෙන වටිනා පැලයක් කියලා. ඒ වගේම අපි කලින් දවසක කතා කළා, ලස්සන වන්නට කෝමාරිකා කොහොමද අපිට උදව් වෙන්නේ කියලා. ඉතින් අද අපි කියන්න යන්නේ, ඒ ප්‍රයෝජන ලබා ගන්නට කොහොමද කෝමාරිකා සත්කාර හදා ගන්නේ කියලා. හැබැයි කෝමාරිකා "ස්වභාවික පැලයක්" වුවත්, ඔයාට යාම සමේ රෝගයක් තිබේ නම්, දොස්තර කෙනෙක්ගේ උපදෙස් නොමැතිව මේ සත්කාර අත්හදා බලන්න එපා. 

අවශ්‍ය දෑ.

කහ
කෝමාරිකා 
රෝස වතුර 
මි පැණි 
කිරි

සාදන ක්‍රමය.

කහ කුඩු වලට කිරි මේස හැඳි 1ක්, මී පැණි මේස හැඳි 1ක් හා රෝස වතුර දමා තලපයක් සාදා ගන්න. ඉන්පසු එයට කෝමාරිකා යුෂත් දමා හොදින් මිශ්‍ර කර ගන්න. ඉන්පසු මේ මිශ්‍රණය ඔයාගේ මුහුණේ හා බෙල්ලේ ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න. ඔයා අනිවාර්යෙන් ලස්සන පැහැපත් සමක අත්දැකීම මේ සත්කාරය තුලින් ලබයි

No comments:

Post a Comment