බොහෝ විට එයට හේතුව වන්නේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම ඇතැම් විට තරමක් වේදනාකාරී අත්දැකීමක් වන නිසයි. බොහෝ අවස්ථාවල මේ සඳහා යොදාගන්නේ වැක්ස් එකක්.
එම වැක්ස් එක සම මත ගල්වා නැවත ඉවත් කිරිමේ දී සමෙහි ඇදීමක් මෙන්ම වේදනාවක් දැනෙනවා. සමහරුන්ට රෝම ඉවත්කළ ස්ථානයේ රතුවීමක් ඉදිමුමක් ඇතිවන අවස්ථාවන් තිබෙනවා. රෝම ඉවත් කළ හැකි ඇතැම් කෘත්‍රිම ආලේපන වර්ග මේ සඳහා යොදා ගැනෙනවා. එසේ ඉවත් කළ පසු පෙරටත් වඩා රෝම ඝනව වැඩෙන අවස්ථාවන් ද දක්නට පුළුවන්. සමහර යුවතියන් රේසර් එකක් භාවිත කර අනවශ්‍ය රෝම ඉවත් කරනවා. මෙය සුදුසු දෙයක් නොවෙයි. ඉන් රෝම ඝනව වැඩීමක්, සම රළුවිමක් සිදුවන්නට පුළුවන්. මනාලියක් වීමට සූදානම් වන ඇතැම් යුවතියන් තම මුහුණේ අත්පාවල ඝනව වැඩී ඇති අනවශ්‍ය රෝම නිසා මහත් පීඩාවකට අපහසුතාවයකට පත්වන හැටි අප දැක තිබෙනවා.
සිරුරේ කිහිලි, උදර ප්‍රදේශයේ, පියයුරු ආශ්‍රිතව, කලවා ප්‍රදේශ ආදී තැන්වල අනවශ්‍ය රෝම ඇතිවීම සහ එම ස්ථානවල ඇතිවන දුර්වර්ණවත් බව ද බොහෝ විට ප්‍රශ්නයක්. එවන් සංවේදී තැන්වල වැක්ස් මඟින් රෝම ඉවත් කිරීමේ දී වේදනාවක් දැනෙන්නට පුළුවන්.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න.

No comments:
Post a Comment