විකල්පයක් වශයෙන් වේදනාවකින් තොරව අනවශ්‍ය රෝම ඉවත් කළ හැකි ක්‍රමයක් තිබෙනවාද ?
වේදනාවක් නැතිව සමටත් හානියක් නොවන ආකාරයෙන් රෝම ඉවත් කරගන්නට පුළුවන් නම් එය කාන්තාවන්ට ලොකු සහනයක් වේවි.
මේ සඳහා අප විසින් අත්හදා ප්‍රතිඵල ලත් ක්‍රමයක් යොදා ගන්නවා. මෙහිදී දෙහි, සීනි සමඟ රෝම ඉවත් කරලීමේ හැකියාව ඇති තවත් ද්‍රව්‍ය කීපයක් යොදා ගනිමින් මෙම මිශ්‍රණය සකසනවා. ඉන්පසුව මෙය ක්ලේ එකක් ආකාරයට වනතෙක් අතින් තෙරපමින් අවශ්‍ය පදමට සකසා ගත යුතුයි. මෙය ඇදෙන සුළු බවින් මෙන්ම සමට ඇලෙන සහ පහසුවෙන් ඉවත් කළ හැකි ස්වභාවයෙන් යුක්තයි. කිසිම කෘත්‍රිම ද්‍රව්‍යක් මේ සඳහා යොදා ගැනෙන්නේ නැති නිසා සමට හානියක් ඇතිවන්නේ නෑ.
ආලේපයට ප්‍රථම සම මත පවුඩර් ස්වල්පයක් තවරා ක්ලේ එකක් ලෙස තුනී කරගත් මිශ්‍රණය රෝම ඇති තැන්වල අතුරා තුනීකර ඉවත් කරන විට රෝම ගැල වී යනවා. මෙහිදී වේදනාවක් අපහසුවක් දැනෙන්නේ නෑ.
No comments:
Post a Comment