මෙය නිවෙසේදී සකසා ගත හැකිද ?
මෙම මිශ්‍රණය සැකසීම ඉතාමත් සුපරික්ෂාකාරීව කළ යුතු දෙයක්. හේතුව මෙහි නිවැරැදි පදම හඳුනාගෙන සැකසීම නොකළොත් එය ක්ලේ එකක් ආකාරයට සකසා ගන්නට අපහසු වනවා. මිශ්‍රණය නිසි පදමට සූදානම්කර ගත්තේ නැතිනම් එය සාර්ථක වන්නේ නැහැ…
එම නිසා ඔබට රූපලාවණ්‍ය ශිල්පිනියගේ උපදෙස් විමසා එය නිවෙසේදීම සකසා ගන්නට පුළුවන්. අනෙක් කරුණ නම් නිසි දැනුමක් අවබෝධයක් නොමැතිව රෝම ඉවත් කිරීමේ කාර්යය කරන්නට එපා. ඉන් සමට හානි ගෙන දෙන්න පුළුවන්. වඩා සුදුසු මේ පිළිබඳ දැනුමක් ඇති අයකුගේ උපදෙස් මත සිදු කිරීමයි.
මෙම මිශ්‍රණය යොදා ගනිමින් මුහුණේ, උඩු තොලේ, නිකට යට, කිහිලි යට, අත් පා ආදී තැන්වල රෝම ඉවත් කරන්න පුළුවන්. මෙහිදී සමේ මැරුණු සෛල සහ දුර්වර්ණ ස්වභාවය ද ඉවත්වනවා. මේ සමඟම රෝම මුලින්ම ගැලවී ඉවත්වන නිසා නැවත ඉක්මනින් රෝම වර්ධනය වීමක් ද සිදුවන්නේ නෑ.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න...

No comments:
Post a Comment