පිටි 300g
සීනි 200g
බිත්තර 3
මාගරින් 250g
පිටිකිරි මේස හැදී 1 ක් යොදා සාදා ගත් කිරි කෝප්ප 1
වැනිලා තේ හැදී 1
බේකින් පවුඩර් තේ හැදී 1
ස්පන්චි බේක් කරන කප්
සාදන ක්‍රමය.
මාගරින්, සීනි, බිත්තර එකට දමා සීනි ටික හොදින් දියවන තුරු බීට් කරගන්න. ඉන් පසු පිටි ද මිශ්‍ර කර ගනිමින් නැවතත් විනාඩි 2 ක් පමණ බීට් කරගන්න. දැන් මෙයට වැනිලා සහ කිරි එකතු කර හොදින් කවලම් කර,ස්පන්චි බේක් කරන කප් වලට මේස හැදී 1 බැගින් දමා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වය යටතේ විනාඩි 30 - 40 අතර කාලයක් බේක් කරන්න.

No comments:
Post a Comment