Monday, October 23, 2017

කාන්තා සිරුරේ හැඩ වැඩි කරන ව්‍යායාම...

හැඩති සිරුරක් තිබීම මගින් කාන්තාවකගේ සුන්දර පෙනුම තවත් වැඩිවේ. සිරුරේ හැඩය පවත්වා ගැනීමට නම් ව්‍යායාම අත්‍යාවශ්‍ය වේ. ඒ තුලින් සිරුරේ හැඩය මෙන්ම නම්‍යශීලි බවත්,ශක්තිමත් බවත්,නිරෝගී බවත් ලබාදේ.

මෙම ව්‍යායාම වල යෙදෙන විට ඉතා සැහැල්ලු ඇදුමක් ඇද සිටීම සුදුසු වන අතර පාවහන් පැළදීම නොකළ යුතුවේ. ව්‍යායාම කරගෙන යාමේදී වෙහෙසකාරී බවක් දැනුනු විගසම විවේකයක් ලබා ගැනීම කල යුතුවේ. 

දෑතේ ඇතුලත මාංශ පේශි ශක්තිමත් වීම සදහා ව්‍යායාමයක්.

දෑතේ ඇතුලත මාංශ පේශි ශක්තිමත් වීම මගින් වැහැරුණු සහ එල්ල වැටෙන මස්පිඩු වලට නිසි හැඩයක් මෙන්ම ශක්තිමත් බවකුත් ලැබේ. පුටුවක වැඩි වී උරහිස සහ අත්ල සම තලයක සිටිනසේ දෑත් දෙපසට දිගු කරන්න. දැන් සෙමින් පිටි අත්ල පොලොව දෙසට හරවා මදක් ඉදිරියට නැමී සෙමින් ඇත පිටුපසට ගෙන යන්න. මෙම අවස්ථාවවේදී දෙඅත් හැකි උපරිම අයුරින් ඍජුව තබා ගන්න. පිට අත්ල එකිනෙක ස්පර්ශ කරන්නට සැරසෙන බව සිතන්න. දැන් මදක් උත්සාහය වැඩි කරමින් අගල් 1/4 පමණ තවත් ලන්  කරන්න. ඉන්පසු වැලමිට නවා මුල් ඉරියව්වට එන්න. මෙම ව්‍යායාමය පළමු දිනයේදී වර 25 පමණ කරන්න. දිනෙන් දින  ව්‍යායාමයේ යෙදෙන වාර ගණන වැඩි කරමින් ව්‍යායාමයේ යෙදෙන්න.  

No comments:

Post a Comment