ළුණු 50g
සුදු ළුණු 20g
මාගරින් 50g
පාන් පිටි 50g
චිකන් කියුබ් 01
කුකුළු මස් 40g
බිම්මල් 40g
වතුර ලීටර් 01
නැවුම් කිරි 200ml
ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණට
සාදන ක්‍රමය.
පිරිසිදු කරගත් බිම්මල් ටික කැබලි කර ගන්න. බදුනක් ගෙන එයට මාගරින්, ළුණු සහ සුදු ළුණු දමා පිසගන්න. එයටම කුකුළු මස් ද එකතු කර තවත් විනාඩි කීපයක් පිසගන්න. පසුව බිම්මල් ටිකද එකතු කර මෙලෙක් වන තෙක් හැදිගාමින් පිසගන්න. දැන් වතුර සහ චිකන් කියුබ් එක එකතුකර වතුර ටික හොදින් රත්වූ පසු මෙම මිශ්‍රණය මද ගින්නේ විනාඩි 10ක් 15 ක් පමණ පිසෙන්නට හරින්න. කුකුළු මස් ටික හොදින් පිසුණු පසුව එයට නැවුම් කිරි එකතු කර අවශ්‍ය පමණට ලුණු සහ ගම්මිරිස් එකතුකර ගන්න.

No comments:
Post a Comment